හවායි මිසයිලය ගැන SMS යැවූ නිලධාරීන් ඉල්ලා අස්වෙයි


මිසයිල අවදානමක් පිළිබඳ කෙටි පණිවුඩයක් වැරදීමකින් යැවීම පිළිබඳ වරද භාර ගනිමින් හවායි හදිසි කළමනාකරණ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු සිය ධුරයන්ගෙන් ඉවත්ව තිබේ.

පසුගිය ජනවාරි 13 වැනිදා යැවුණු මෙම කෙටි පණිවුඩය හේතුවෙන් හවායි දූපත පුරා දැඩි කලබලයක් ඇතිව තිබුණු අතර, එය යළි නිවැරදි කිරීමට විනාඩි 38ක පමණ කාලයක් ගත වී තිබුණි.

හදිසි කළමනාකරණ ඒජන්සියේ පරිපාලක වර්න් මියාගි සහ විධායක නිලධාරී ටොඩී ක්ලෙයාර්මොන්ට් මෙසේ සිය ධුරයන්ගෙන් ඉවත් වූ නිලධාරීන්ය.

ඔවුන් විසින් වැරදීමකින් යවනු ලැබූ මෙම කෙටි පණිවුඩය සම්බන්ධයෙන් සිදුකෙරුණු අභ්‍යන්තර පරීක්ෂණයන්ගෙන්ද ඔවුන් වෙත චෝදනා එල්ල වී තිබුණි. 

1_Hawai q2



Recommended Articles