චීනය හා ඇමෙරිකාව හරිතාගාර වායූන් අවම කිරීමේ ඓතිහාසික ගිවිසුමකට එළැඹ තිබේ.
ඇමෙරිකාවේ සංචාරය කරන චීන ජනපති ෂී-ජින්පින් හා ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා මෙම එකඟත්වයට එළැඹ ඇත.
ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙකට හිමිකම් කියන රාජ්‍ය නායකයන් මෙහිදී ඇමෙරිකානු රජයේ හා ආයතනික දත්ත ගොනුවලට චීන හැකර්වරුන්ගෙන් සිදුවන ප්‍රහාර සම්බන්ධයෙන්ද සාකච්ඡාවට බඳුන් වී තිබේ.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ මෙම සැකය ප්‍රතික්ෂේප කරන චීනය පවසා ඇත්තේ දෙරටම සයිබර් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ සුබවාදී ප්‍රතිචාරයද බරැක් ඔබාමාගේ පැසසුමට ලක්ව තිබේ.
මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා වෙත නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද ඔබාමා කටයුතු කර තිබුණි.