තායිලන්තයේ පාලනය තමන් වෙත ලබාගත් බව තායිලන්ත හමුදා ප්‍රධානියා අද නිවේදනය කළේය.
රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ඔහු කියා සිටියේ හමුදාව විසින් යළි දේශපාලන ස්ථාවරත්වය ඇතිකරනු ඇති බවයි.
තායිලන්තයේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා හමුදා නායකයන් අතර මීට දින දෙකකට පෙර පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු මේ ආකාරයෙන් හමුදාව තායිලන්තයේ පාලනය සියතට ගෙන තිබේ.
මේ අතර, දැනට පවතින උද්ඝෝෂණ වැලැක්වීම සඳහා හමුදාව හමුදා වාහන දැනටමත් යවා ඇති බවත් එරට ජ්‍යේෂඨ හමුදා නිලධාරියෙක් පවසා ඇත.
කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර එරට හමුදාව විසින් එරට තුළ ආරක්ෂක කටයුතු තර කරමින්, හමුදා යෙදවීම කුමන්ත්‍රණයක් නොවන බව හමුදා නායකයා පවසා සිටියද, හමුදා කුමන්ත්‍රණයකින් තායිලන්තය අල්ලාගෙන ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.