ජපානයේ පැවැත්වෙන හදිසි මැතිවරණය හේතුවෙන් එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරීමට අගමැති ෂින්සෝ අබේ කටයුතු කර තිබේ.
පසුගිය සඳුදා දිනයේදී අගමැතිවරයා විසින් හදිසි මැතිවරණයක් පැවැත්වෙන බව නිවේදනය කළ අතර, එය වසරකට පෙර මැතිවරණය කලින් කැඳවීමක් විය.
ඒ අනුව, එලැඹෙන ඔක්තෝබර් 22 වැනිදා මැතිවරණය පැවැත්වීමට ජපානය සූදාමින් සිටින අතර, මෙය අගමැති ෂින්සෝ අබේ තම ප්‍රතිපත්ති කෙරෙහි ජනතා කැමැත්ත තවදුරටත් ස්ථාවර කරගැනීම වෙනුවෙන් ගත් පියවරක් බව දේශපාලන විචාරකයෝ පවසති.
2012 වසරේදී අගමැති ධුරයට තේරීපත් ෂින්සෝ අබේ නියෝජනය කරන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය එරට පාලක පක්ෂය නියෝජනය කරන සන්ධානයේ වැඩි බලයක් හිමි පක්ෂය ලෙස සැලකෙයි.
මෙම වසර ආරම්භයේදී අගමැතිවරයාගේ ජනප්‍රියත්වය යම් තරමකින් අඩු වූ අතර, ගජමිතුරු සංග්‍රහයක් අගමැතිවරයාට එරෙහි විය.
කෙසේ වෙතත්, උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිල ද්විත්වයක් අත්හදා බැලීම සහ ඊට අගමැති ෂින්සෝ අබේ දැඩි ස්ථාවරයක පසුවීම තුළ ඔහුගේ ජනප්‍රියත්වය යළිත් ඉහළ ගොස් ඇති බව ජපානයෙන් වාර්තා වෙයි.