හදවත් සැත්කමින් පසුව ආනෝල්ඩ් සුවය ලබයි


බොහෝ සිනමා ලෝලීන් කමාන්ඩෝ නමින් හඳුනන ආනෝල්ඩ් ස්වසනේගර් හදවත් සැත්කමකට භාජනය වීමෙන් පසුව මේ වනවිට සුවය ලබමින් සිටියි.

ඔස්ට්‍රේලියානු ඇමෙරිකානු සම්භවයක් සහිත සුපිරි හොලිවුඩ් තරුවක් වූ ආනෝල්ඩ් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයද හෙබවීය.

70 වැනි වියෙහි පසුවන ආනෝල්ඩ් පසුගියදා ලොස් ඇන්ජලීස් නුවරදී මෙම හදවත් සැත්කමට මුහුණදුන් අතර, රුධිර නාලයක් ඉවත්කර සක්‍රීය නාලයක් බද්ද කිරීම එහිදී සිදුව තිබුණි.

මෙම ශල්‍යකර්මයෙන් පසුව ක්‍රමයෙන් සුවය ලබමින් සිටින ආනෝල්ඩ් පවසා තිබුණේ, මම යළි ජීවය ලැබුවා යනුවෙනි.

එමෙන්ම ඔහුගේ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ ආනෝල්ඩ් හොඳ මානසික තත්ත්වයක පසුවන බවයි.

1_Arnold



Recommended Articles