හංගේරියා අගමැති දෙවැනි වරටත් මැතිවරණය ජයගනී


හංගේරියාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය හිමිකර ගැනීමට හිටපු අගමැති වික්ටර් ඕබාන් ප්‍රමුඛ රජය සමත්ව ඇති බව වාර්තා වෙයි.

එහිදී, ඔහු නායකත්වය දරණ මධ්‍ය දක්ෂිණාංශික ෆිඩේස් පක්ෂය මැතිවරණයෙන් 45%ක ජනවරමක් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, මධ්‍ය වාමාංශික විරුද්ධ පක්ෂ සන්ධානයට ලබාගැනීමට හැකිවී තිබෙන්නේ 25%ක ඡන්ද පදනමකි. එමෙන්ම, දැඩි දක්ෂිණාංශික ජොබ්බික් පක්ෂයට 21%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබේ.

මීට පෙර පැවති 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී වික්ටර් ඕබාන් බලයට පත්වූයේ තුනෙන් දෙකක ජනවරමක් සහිත රජයක් පිහිටුවමිනි.

නමුත්, මෙවර ඔවුන්ට එවැනි ජනවරමක් හිමි වී නොමැති වුවත්, බුඩාපෙස්ට් අගනගරයේදී සිය ආධාරකරුවන් අමතමින් ඕබාන් පවසා සිටියේ මැතිවරණයේදී තම ජයග්‍රහණය පිළිබඳ සැකයක් නොමැති බවය.



Recommended Articles