සෞදි අරාබියේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග නව බදු හඳුන්වාදෙමින් සිදුකළ ක්‍රියාවලිය තුළ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සෞදි රජය පවසයි.
ඒ අනුව, ඔවුන් නව විකුණුම් බද්ද හඳුන්වාදී දින කිහිපයක් ගත වීමටත් පෙර රජයේ සේවකයන් වෙත ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට සෞදි රජය කටයුතු අරඹා තිබේ.
සෞදියේ ආර්ථිකය ඛනිජතෙල් කර්මාන්තය මත පමණක් යැපීම අවම කරමින් නව දිශානතියක් වෙත ආර්ථිකය ගෙනයෑම සඳහා සෞදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකෙරිණි.
මේ අනුව, ලබන වසරේ සිට සෞදියේ සෑම රජයේ සේවකයෙකුටම ඇ.ඩො.190ක (රු.30,000ක පමණ) මාසික ගෙවීමක් ලබාදෙන ලෙස සල්මාන් රජු නියෝග කර තිබේ.
එරට ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ පෙට්‍රල් මිල දෙගුණයකින් ඉහළ දැමීමට කටයුතු කළ සෞදි රජය, ආහාර සහ විදුලි, ජල බිල්පත් ඇතුළු භාණ්ඩ සහ සේවා රැසක් සඳහා 5% බද්දක් හඳුන්වා දෙනු ලැබීය.
මේ අතර, මැදපෙරදිග කලාපයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද එරට වැසියන් වෙත 5% බද්දක් හඳුන්වා දී ඇත.