සෞදි දේවස්ථානයකට ISIS ප්‍රහාරයක්


සෞදි අරාබියේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යේමන දේශසීමාවට ආසන්න අබහා හි දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් යොදාගෙන ඇති අතර IS ඉස්ලාමීය අන්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

පසුගිය මැයි මාසයේ ෂියා දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාමීය අන්තවාදීන් විසින් භාරගන්නා ලදී.

සෞදි රූපවාහිනිය පෙන්වාදෙන පරිදි මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා ආරක්ෂක අංශ සාමාජිකයන්ය.



Recommended Articles