සෞදි කුමරෙකුට මරු කැඳවූ හෙලිකොප්ටර් අනතුර


සෞදි රජ පවුලේ ජ්‍යෙෂ්ඨ කුමාරයෙකු ඇතුළු තවත් එරට රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් රැගත් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී තෙල් බවුසරයකදී වැදී විනාශයට පත්ව තිබේ.

යේමනය අසල දේශසීමාවේදී සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මන්සූර් බින් මුක්රින් කුමරුය. ඔහු සෞදියේ අසිර් ප්‍රාන්තයෙ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අයෙකි.

නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව පැමිණෙමින් තිබූ මෙම හෙලිකොප්ටරය සෞදි සහ යේමන දේශසීමාවේ වූ අභා ප්‍රදේශයේදී මෙම අනතුරට ලක්ව ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙම අනතුරට හේතුව පැහැදිලි නැතත් සෞදියේ රාජ කුමරවරු විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම සමග ඇති වූ දේශපාලන හා ව්‍යාපාරික නායකත්ව සම්බන්ධයෙන් වූ බල පෙරළියෙන් පැය කිහිපයකට පසුව සිදුවූ මෙම හදිසි අනතුරද සැක උපදවන සුළු එකක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

1_Saudi-helicopter-crash2



Recommended Articles