සෞදි කාන්තාවන්ට ප්‍රථම වරට ඡන්ද අයිතිය


සෞදි අරාබියේ ප්‍රාදේශීය මැතිවරණයකදී ප්‍රථම වරට එරට කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවිය.

සෙනසුරාදා පැවති මැතිවරණය වෙනුවෙන් කාන්තා නියෝජිතයන් කිහිප දෙනෙකුද ප්‍රථම වරට ඡන්ද බිමට පිවිස සිටියහ.

මෙම ඓතිහාසික තීරණය සම්බන්ධයෙන් සෞදි කාන්තාවන් උද්දාමයට පත්ව ඇති අතර, ඇතමෙකුට අනුව මෙය සංකේතාත්මක වෙනසක් පමණක් බවද කියැවෙයි.

මූලික පියවර වශයෙන් මෙය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්. මේ සමාජයට දායකත්වයක් ලබාදෙන කාන්තාවන් වූ අපිත් මේ සමාජයේම කොටසක් යන හැඟීම දැන් අපට දැනෙනවා. යැයි එරට කාන්තා වෛද්‍යවරියක පවසා සිටියාය.

 


Recommended Articles