සෞදි අරාබියේ දික්කසාද, කනවැන්ඳුම් මෙන්ම අවිවාහක ස්ත්‍රීන්ට එරට දැනටමත් විවාහක හෝ විවාහ නොවූ පුරුෂයන්ගේ බිරින්ඳෑවරුන් අතර කෙනෙකු වීමට වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කර තිබේ.
බහුභාර්යා සේවනයට අවකාශය සලමින් මෙම වට්ස්ඇප් කණ්ඩායම නිර්මාණය කර ඇත්තේ එසේ තනිව ජීවත්වන කාන්තාවන්ට පිළිසරණක් වීමේ බලාපොරාත්තුවෙන් බව සෞදි බලධාරීහු පවසති.
සෞදි බලධාරීන් අට දෙනෙකු විසින් මෙම වට්ස්ඇප් කණ්ඩායම නිර්මාණය කර ඇති අතර, එහි සාමාජිකත්වය ලබාගැනීමට දික්කසාද, කණවැන්ඳුම් හා අවිවාහක ස්ත්‍රීන් රැසක් උනන්දු වන බව පැවසෙයි.
විශේෂයෙන්ම, සෞදිය පමණක් නොව, යේමනය, මොරොක්කෝ, සිරියාව, පලස්තීනය, ඊජිප්තුව, නයිජීරියාව, බංග්ලාදේශය, චීනය හා පාකිස්තානය යන රටවල කාන්තාවන්ද මෙහි සාමාජිකත්වය ලබාගෙන ඇති බව කියයි.
ඔවුන් වැඩිදෙනෙකු පවසා අත්තේ තමන්ට සෞදි පිරිමින්ගේ පළමු, දෙවැනි, තෙවැනි, සිව්වැනි බිරිඳ වීමේ ගැටලුවක් නොමැති බවයි.
එහිදී, තමන් සරණ පාවා ගන්නා පුරුෂයන්ට විවිධ කොන්දේසි දමා ඇති ඔවුන් ඇතමුන් සම්පූර්ණයෙන්ම කුරානය කට පාඩමින් පැවසීමට හැකිවීම, තමන්ගේ දරුවන් 8 දෙනා බාර ගැනීමට කැමති වීම මෙන්ම, ඉතා විශාල මුදල් සම්භාරයක් ඉල්ලා සිටීමද කැපී පෙනෙන බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ ඉල්ලීම්වලට ගැළපෙන පුරුෂයන් හමුවුවහොත්, ඔවුන් මුණ ගැස්වීමට වහාම කටයුතු කරන බවද මෙම වට්ස්ඇප් වැඩසටහන ක්‍රියාත්මක කරන සෞදි බලධාරීහු පවසති.