සෞදිය ප්‍රමුඛ රටවල සම්බාධකවලට කටාරයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි


සෞදිය ඇතුළු අරාබි රාජ්‍යයන් කිහිපයක් විසින් කටාරයට එරෙහිව පණවන ලද සම්බාධකවලට එරෙහිව ඔවුන් නැගී සිටිමින් ලෝක වෙළඳ සංවිධානයට නිල වශයෙන් පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.

මෙවැනි සම්බාධක පැනවීමක් පැහැදිලි ලෙසම අන්තර්ජාතික වෙළෙඳ නීතිය උල්ලංඝනය කිරීමක් බව කටාර් ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

ඒ අනුව, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ඊජිප්තුව යන රටවලට දින 60ක කාලයක් ලබාදී ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, මෙම කාලය තුළ එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ලෝක වෙළෙඳ සංවිධානය විසින් විශේෂ මණ්ඩලයක් පත්කරනු ඇති බවත්, මේ පිළිබඳව සෞදිය ඇතුළු සෙසු රාජ්‍යයන්ගේ ප්‍රතිචාරය මෙතෙක් ලැබී නොමැති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles