සෞදි අරාබියේ ජනාකීර්ණ වීදියක මකරීනා නර්තනයක නිරත වූ 14 හැවිරිදි පිරිමි දරුවෙකු සෞදි බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සෞදියේ, ජෙඩාහ් නගරයේදී ප්‍රසිද්ධියේ නුසුදුසු හැසිරීමක් දැක්වීම යටතේ ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම දරුවාගේ ජාතිකත්වය හෝ ඔහුට එරට අධිකරණයකින් දඬුවම් පැමිණවීද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
1990 දශකයේ ජනප්‍රිය ගීතයකට මකරීනා නර්තනයක නිරත වෙමින් මාර්ගය හරහා ගමන් කරන එම වීඩියෝව ට්විටර් ජාලයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර, මෙය 2016 ජූලි මාසයේදී ගනු ලැබූවක් බවද අනාවරණය වී තිබේ.
එහිදී, සමාජජාල මාධ්‍ය තුළ මෙම වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූවන්ගේද බෙදීමක් දැකිය හැකි අතර, පිරිසක් ඔහු වීරයෙකු ලෙස සලකද්දී, තවත් පිරිසක් ඔහුගේ හැසිරීම සදාචාර විරෝධී බව පවසා තිබේ.