සෞදි අරාබියේ සේවය කරන විදෙස් ශ්‍රමිකයන් පිරිසක් නවාතැන් ගෙන සිටි නිවසක හටගත් ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එරට රැඳී සිටින බංග්ලාදේශ සහ ඉන්දීය ජාතික ශ්‍රමිකයන් පිරිසකි.
නිරිතදිග නජ්රාන් නගරයේදී සිදුවූ මෙම අනතුරේදී රාත්‍රී නින්දේ සිටි ශ්‍රමිකයන් පිරිස ගින්නත් සමග ඇති වූ දුමාරයෙන් හුස්ම ගැනීමට නොහැකිව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවද සෞදි සිවිල් ආරක්ෂණ කාර්යාලය පවසයි.
එම පළාත් ආණ්ඩුකාරවරයා සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇති බවත්, එම පළාතේ සේවය කරන විදෙස් ශ්‍රමිකයන්ගෙන් නවාතැන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටද පියවර ගෙන ඇති බව සෞදි පුවත් ඒජන්සිය පවසයි.
කෙසේ වෙතත්, සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන චෝදනා කරන්නේ සෞදියේ සේවය කරන විදෙස් ශ්‍රමිකයන් බහුතරයක් ඉතා අවම පහසුකම් යටතේ සිය සේවය සපයන බවයි. එමෙන්ම, තම ස්වාමීන්ගේ අවසරයකින් තොරව ඔවුන්ට රැකියාව මාරුකිරීමට හෝ එම රැකියාවෙන් ඉවත්වීමටද කිසිදු අවසරයක් නොමැති බවද ඔවුන් චෝදනා කරයි.
ගිනි නිවන හමුදාව විසින් අදාළ ගින්න මැඬපැවැත්වීමට කටයුතු කළත් කිසිදු ජනේලයක් හෝ නොමැති එම පැරණි නිවසේ ගින්න සමග ඇති වූ දුමාරය මෙම මරණවලට හේතුව බව අනාවරණය වී තිබේ.