සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු ඔවුන් දැනට දරණ ධුරයන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
මෙසේ ධුරයන්ගෙන් ඉවත් කළ හමුදා ප්‍රධානීන් අතර එරට හමුදාපතිවරයාද සිටින බව විදෙස් වාර්තා පවසයි.
සෞදියේ සල්මාන් රජු විසින් සමස්ත යුද හමුදාවේ මෙන්ම ගුවන් හමුදාවේද ප්‍රධානීන් රැසක් වෙත නව නිලධාරීන් පත් කර තිබේ.
සෞදියේ නිල පුවත් ඒජන්සිය වන එස්.පී.ඒ විසින් මෙම පුවත වාර්තා කර තිබුණත්, මෙසේ වහාම හමුදා ප්‍රධානීන් ඉවත් කිරීමට හේතුවක් දක්වා නොතිබුණි.
සෞදිය මේ වනවිට යේමනය සමග යුද්ධයකට මැදිව සිටින අතර, සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා යේමන් ගරිල්ලන් සමග පවතින ගැටුම්වල තෙවැනි වසරේ අවසන් කාල සීමාවේ පසුවෙමින් සිටියි.
සෞදියේ ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවන මොහොමඩ් බින් සල්මාන් කුමරු පසුගිය කාලය පුරාවට රට තුළ සිදුකෙරුණු වෙනස්කම්වල ප්‍රධාන භූමිකාව සැපයූ අතර, මෙවර සිදුකළ ඇති වෙනස්කම් පිටුපසද ඔහු සිටින බව විශ්වාස කෙරෙයි.