සෞදියේ කාන්තාවන්ටම වෙන්වූ වාහන අලෙවි සැලක්


සෞදි කාන්තාවන්ට ප්‍රථම වරට වාහන ධාවන බලපත්‍ර ලබාදීමට සෞදි රජු ගත් තීරණය හේතුවෙන් කාන්තාවන්ටම වෙන්වූ මෝටර් රථ අලෙවි සැලක් පසුගියදා එරටදී විවෘත කෙරිණි.

සෞදි අරාබිය තුළ සිදුකෙරෙන සමාජ ප්‍රතිසංස්කරණ යටතේ නූතනත්වයට ගැලපෙන සෞදි රාජ්‍යයක් බිහිකිරීමට මෙවැනි ප්‍රතිසංස්කරණ රැසක් එරට රජය විසින් මේ වනවිට හඳුන්වා දෙමින් සිටියි.

පසුගිය වසරේදී සිදුකෙරෙනු මෙම නිවේදනයට අනුව මෙම වසරේ ජූනි මාසයේ සිට මෝටර් රථ ධාවනයට අවස්ථාව සැලසෙන අතර මේ වනවිට කාන්තා රිය පුහුණු පාසල් කිහිපයක්ම එරට තුළ විවෘතව ඇති බවද කියැවෙයි.

මේ නිසාම මෙම මෝටර් රථ වෙළෙඳ සැල විවෘත වූ සැණින් කාන්තාවන් විශාල පිරිසක් එය ආකර්ෂණය කරගෙන තිබූ බව විදෙස් වාර්තා පවසයි.

1_Sudi cars 2 3 4



Recommended Articles