සම්පූර්ණයෙන්ම සූර්යය බලශක්තියෙන් ගුවන්ගත වන සෝලා ඉම්ප්ලස් යානය සිය ලොව වටා සංචාරයේ පස්වැනි අදියර ආරම්භ කරමින් මියන්මාරයේ සිට චීනය බලා ගමන් ඇරඹූ බව විදෙස් මාධ්‍ය පවසයි.
එරට වේලාවෙන් සඳුදා රාත්‍රී 9.00 ට ගමන් ඇරඹූ යානය චීනයේ චොන්ග්කින්ක් වෙත ගමන් කර එහි සුළු කාලයක් රැඳී සිටීමෙන් පසුව එරට නැගෙනහිර වෙරළාසන්න නැන්ජින් වෙත ගමන් කිරීමට නියමිතය.
යානය ලොවවටා සිදුකරන සංචාරයේ වැඩිම කාලයක් විශාල සාගර කලාපයකට ඉහළින් ගමන් කරන ප්‍රථම අවස්ථාව ලෙස මෙම පස්වැනි අදියර සැලකෙයි. එමෙන්ම යානය චීනය වෙත ළඟාවීමෙන් පසුවනැන්ජින් වෙත ගමන් කිරීම යළි සිදුකරන්නේ යානයේ බැටරිවල ආරෝපණ තත්ත්වය සලකා බැලීමෙන් පසුව බවත් බලධාරීහු පවසති.