සෝමාලි හෝටලය ත්‍රස්තයන්ගෙන් බේරාගැනීමේ සටනක්


සෝමාලියාවේ අගනගරය වන මොඩගිඩිෂු නුවර හෝටලයකට වැදී සිටින අල් ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන් යටත් කරමින් එය සියතට ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ දැඩි සටනක නිරතව සිටියි.

මොගඩිෂු හි මාකා අල්-මුකරාමා හෝටලය ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් මුදාගැනීමේ සටනේදී පුද්ගලයන් 10 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම ප්‍රහාරයෙන් ස්විට්සර්ලන්තයේ සෝමාලි තානාපතිවරයාද ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේ වෙතත් එහි නවාතැන් ගෙන සිටි සෙසු රාජ්‍ය තාන්ත්‍රිකයන් ජනෙල්වලින් ඉවතට පැන දිවි බේරාගෙන ඇති බව කියැවෙයි.

මේ අතර, ඇමෙරිකාවේදී පුහුණුව ලැබූ සෝමාලි විශේෂ බලකාය විසින් හෝටලයේ විශාල කොටසක බලය මේ වනවිට අත්පත් කරගෙන ඇති බවද වාර්තා වෙයි.



Recommended Articles