සෝමාලියාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ප්රහාරයකට ලක්වෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පිහිටි පාර්ලිමේන්තුවේ සැසිවාරයක් පැවැත්වෙන අතරවාරයේදීම පිපිරීම් හා වෙඩි තැබීම් පාර්ලිමේන්තුව ආශ්රිතව වාර්තා වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
එමෙන්ම, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් දුම් වළාවක් මෙන්ම ගිනිගැනීම්ද වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව ඉලක්ක කර සටන්කාමීන් පිරිසක් මෙම ප්රහාරය සිදුකර ඇති බව දැනට ලැබෙන වාර්තා පවසයි.