සෝමාලියාවේ රජයේ ගොඩනැගිල්ලක් ආසන්නයේ පුපුරා ගිය කාර් බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බෝම්බය පිපිරී යන අවස්ථාවේදී එම ආසන්නයේ පාසල්වල හා වෙළෙඳ සැල්වල සිටි පාසල් සිසුන් හා වෙළෙන්ඳන් මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති බව කියයි.
ගල්කායෝ නගරයේ සිදුවූ පිපිරීම් සමග ගොඩනැගිලි තුළට කඩා වැදුණු ඝාතකයන් වෙඩි ප්‍රහාරයක්ද සිදුකර ඇති බව පළාත් පොලිස් ප්‍රධානියා කියයි.
මෙම ප්‍රහාරය ඉලක්ක වී ඇත්තේ රජයේ නිවාස පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය බවත්, ප්‍රහාරය පසුපස අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය සිටිනු ඇති බවත් ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
පසුගිය ජූලි මස අගභාගයේදී මොගඩිෂු අගනුවර සිදුවූ ද්විත්ව කාර් බෝම්බයකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.