සොරාගත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට


සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ රැසක් නැවතත් අන්තර්ජාලයට මුසු කර ඇති බව බී.බී.සී.ය පවසයි.

කිම් කාර්ඩාෂියන්, වැනීසා හජෙන්ස්, මැරී-කේට් ඕල්සන් යනු මීට ඉලක්ක වූ තරු අතරින් කිහිප දෙනෙකු බව පැවසෙයි.

මාසයකට වඩා අඩු කාලයකදී පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත සෝරාගන්නා හැක් කිරීම් ලෙස ඡායාරූප හා වීඩියෝ සොරාගෙන අන්තර්ජාලයට මුදාහැර තිබූ දෙවැනි අවස්ථාව මෙය බවද බී.බී.සීය පවසයි.

කෙසේ වෙතත්, මෙම ඡායාරූප කවර තැනකින් සොරාගත්තේද යන්න තවමත් පැහැදිලි නැති බවද එම වාර්තාව පෙන්වා දෙයි.



Recommended Articles