සෙනට් මණ්ඩලයට මව සමග පැමිණි ප්‍රථම බිළිඳිය මාලී


අමෙරිකානු සෙනට් මණ්ඩලය වෙත කුඩා බිළිඳෙකු රැගෙන ඒම වළක්වමින් පැවති තහනම කොංග්‍රසයේ ඉහළ මන්ත්‍රණ සභාව විසින් ඉවත් කිරීමෙන් දිනකට පසුව ඉලිනොයිස් සෙනෙට් සභික ටැමි ඩක්වර්ත් සිය බිළිඳු දියණියද රැගෙන සභාවට පැමිණෙමින් ඉතිහාසය වෙනස් කරන්නට විය.

මෙසේ ප්‍රථම වරට සෙනට් මණ්ඩලය වෙත තම මව සමග පැමිණීමට වාසනාව ලැබූ බිළිඳිය මාලී නම් වූ අතර, එහිදී, ඇගේ මව වූ සෙනට් සභික ඩක්වර්ත් ඇයවද වඩාගෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකටද සහභාගී වී ඇත.

 රෝස වර්ණයෙන් යුතු බ්ලැන්කෙට්ටුවක් පොරවාගෙන පැමිණි මාලී මෙම ඓතිහාසික ගමන සිය මව සමග පැමිණෙන විට ඇගේ වයස දින 10ක් පමණක් බව කියැවේ.

ඇමෙරිකානු සෙනට් සභිකයෙකුව සිටියදී පසුගිය සතියේදී මව් පදවිය ලැබූ ඩක්වර්ත් මේ වනවිට 50 වැනි වියේ පසුවීමද සුවිශේෂී කාරණයකි.

1_mali 2



Recommended Articles