සුළි කුණාටුවලින් ජීවිත හානි අවම වීම භාග්‍යයක් - ට්‍රම්ප්


ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනිස් ජීවිත රැසක් බිලිගත් කැත්‍රිනා සුළි කුණාටුව වැනි මහා සුළි කුණාටු ද්විත්වයකින් පොර්ටෝ රිකෝව බලපෑමට ලක්ව තිබියදීත් ජීවිත හානි අවම කරගැනීමට හැකිවීම ගැන සතුටු විය යුතු බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මුලින් අ'ර්මා සුළි කුණාටුවෙන් මෙන්ම, පසුව මාරියා සුළි කුණාටුවෙන් දැවැන්ත හානියක් සිදුවූ කැරීබියානු දූපත් රාජ්‍යයක් වූ පොර්ටෝ රිකෝව වෙත සංචාරය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකළේය.

මාරියා සුළි කුණටුව හේතුවෙන් මේ වනවිටත් පොර්ටෝ රිකෝව අඳුරේ ගිලි ඇති අතර, එහි වූ ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගියේය.

කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුව හේතුවෙන් සිදුවීමට ගිය මහා ජීවිත හානිය වළක්වා ගැනීමට සමත්වීම ගැන ආඩම්බර විය යුතු බවද ජනපතිවරයා අවධාරණය කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පොර්ටෝ රිකෝ සංචාරයට ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ද එක්ව සිටියාය.

1_Trump 2 3



Recommended Articles