සුපිරි චන්ද්‍රයා ලොව පුරා දර්ශනය වූ හැටි


මෙවර ශීත සෘතුවේදී පෘථිවි වාසීන්ට අවස්ථා තුනකදී සුපිරි චන්ද්‍රයන් (පූර්ණ චන්ද්‍රයා) දැකගැනීමේ දුර්ලභ අවස්ථාවක් උදාවන බව නාසා ආයතනය පවසයි.

2017 දෙසැම්බර් හෙවත් උඳුවම් පොහොය යෙදී තිබුණු 03වැනිදා දිනයේ පූර්ණ චන්ද්‍රයා වඩාත් විශාලව හා දීප්තිමත්ව දිස්වූ බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, මෙම සුපිරි චන්ද්‍රයා මෙම වසරේදී පෘථිවිවාසීන්ගේ නෙත ගැටෙන අවසන් සුපිරි සඳ වන අතර, 2018 වසරේ ජනවාරි 01දා සහ ජනවාරි 31 වැනිදා යෙදෙන පොහොය දිනවලදී යළිත් වරක් සුපිරි චන්ද්‍රයන් දැකගැනීමේ දුර්ලභ අවස්ථාව පෘථිවිවාසීන්ට උදාවෙයි.

ඒ අනුව, පෘථිවියේ සිට සැතපුම් 222,761ක දුරින් මෙවර සුපිරි චන්ද්‍රයා ගමන් කරමින් තිබූ අතර සාමාන්‍යයෙන් පෘථිවියේ සිට චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර සැතපුම් 238,900ක් පමණ වෙයි.

එහිදී, පසුගිය 03දා දිස්වූ සුපිරි චන්ද්‍රයා සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා 14%ක විශාලත්වයකින් මෙන්ම, 30%ක වැඩි දීප්තියකින් දර්ශනය වී තිබුණි.

13 11 10 09 08 07 06 05 04 03

 



Recommended Articles