සුප්‍රකට හොලිවුඩ් නිළි ඩෙබී රෙනෝල්ඩ්ස් සමුගනී


හොලිවුඩයේ පුරාවෘත්තයක් බඳු ඇමෙරිකානු නිළි ඩෙබී රෙනෝල්ඩ්ස් සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

නිළියක වූ කැරී ෆිෂර්ගේ වියෝව දරාගත නොහැකිව 84 හැවිරිදි සුප්‍රකට නිළි ඩෙබී, ලොස් ඇන්ජලීස් නුවරදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ස්ටාර්වෝස් කතා මාලාවේ ප්‍රින්සස් ලියාගේ චරිතයෙන් වඩාත් ප්‍රකට වූ ෆිෂර් වයස අවුරුදු 60ක් ආයු වළඳා පසුගියදා ගුවන් ගමනකදී ඇති වූ හෘදයාබාධයක් සමග සිය ජීවිතෙයන් සමුගත්තාය.

කෙසේ වෙතත්, සිය දියණිය වූ ෆිෂර්ගේ මරණයෙන් බලවත් සේ කම්පාවට පත්ව සිටි ඩෙබී, රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බව ඇයගේ පුත්‍රයා තහවුරු කර තිබේ.

ඔහු පවසා තිබුණේ, සිය නැගෙනියගේ මරණය තම මවට දරාගත නොහැකි තත්ත්වයක් වූ බවයි.

හොලිවුඩයේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන ඩෙබී වර්ෂ 1952 දී සින්ගින් ඉන් ද රෙයින් හි වඩාත් ප්‍රබල භූමිකාවක් නිරූපණය කරමින් ජනප්‍රියත්වයට පත්වූවාය.

ඇය වර්ෂ 1950 සහ 60 දශකයේ සංගීතමය හා හාස්‍යෝත්පාදක හොලිවුඩ් නිර්මාණ රැසක ප්‍රධාන චරිත නිරූපණයන් සිදුකළ චරිතයකි.

ඩෙබී සිය දියණිය වූ ෆිෂර් සමග

 



Recommended Articles