ඉරාකයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් ෂියා සටන්කරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 70කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පල්ලිය වෙත ඇතුළු වෙමින් බෝම්බයක් පුපුරුවාගෙන ඇති අතර, ඉන් අනතුරුව ඇතුළු වූ තුවක්කුකරුවන් එහි සිටි බැතිමතුන්ට දිගට හරහට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
සුන්නි මුස්ලිම්වරුන්ටගෙන් සැදි ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඉරාකය පුරා දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින්, උතුරුදිග ඉරාකයේ වැඩි කොටසක බලය අල්ලා ගැනීමත් සමග එරට බහුතර ෂියා මුස්ලිම්වරුන්ට දැඩි පීඩනයකට ලක්වන්නට සිදුවිය.
කෙසේ වෙතත්, මේ වනවිට ඇමෙරිකානු ගුවන් හමුදාවේද සහාය ඇතිව ඉරාක හා කුර්දිස්ථාන හමුදා සුන්නි අන්තවාදීන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතරවාරයේදී, ෂියා අන්තවාදී පිරිස් මේ ආකාරයෙන් සුන්නි මුස්ලිම්වරු ඉලක්ක කර ප්‍රහාර ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාර ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් සටන් වදින සුනින් සටන්කාමීන්ට එරෙහිව රජයේ හමුදා ගෙනයන සටනට අවාසිදායක වනු ඇති බව පැවසෙයි.
ඒ අනුව, ඉරාකයේ ප්‍රබල සුන්නි දේශපලන නියෝජිතයන් දෙදෙනෙකු නව කැබින්ට් මණ්ඩලය සමග සිදුකරන සාකච්ඡාව වර්ජනය කර ඇත්තේ මෙම ප්‍රහාරයට විරෝධය පෑමක් ලෙසිනි.