සිරියාවේ රුසියානු හමුදාවන් අඩක් ඉවත් කිරීමට නියෝග


IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සටන් වැදීම සඳහා සිරියාවේ යොදා සිට රුසියානු සෙබළුන්ගෙන් කොටසක් ඉවත් කිරීමට රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් නියෝග කර තිබේ.

රුසියානු ජනපතිවරයා පසුගිය 11දා සිරියාවේ සිදුකළ හදිසි සංචාරයක් අතරතුර මෙම නියෝගය ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

සිරියාවේ ලටාකියා ප්‍රදේශය ආසන්න ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි රුසියානු නායකයා එහිදී සිරියානු නායක බෂර් අල් අසාද් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

සිරියාවේ ක්‍රියාත්මක වූ සිවිල් යුද්ධය මෙන්ම, ලෝකයටම සාපයක් වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් පරාජය කිරීමට රුසියා විසින් සිරියාව වෙත මේ දක්වා සිදුකරන ලද දායකත්වය සුවිශේෂී කාර්යභාරයක් සිදුකර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, මේ වනවිට පසුබැස ඇති ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය යළි සිරියාව තුළ හිස එසවුවහොත් ඔවුන් කිසිදාක දැක නොමැති ආකාරයේ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවටද රුසියානු නායකයා අනතුරු අඟවා තිබේ.

මේ අතර, නැගෙනහිර සිරියාවේ යුප්‍රටීස් ගංගා නිම්න ප්‍රදේශයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් පලවා හැර ඇති බවද පසුගිය සතියේදී ජනාධිපති පූටින් අවධාරණය කළේය.

සියාවට සහාය දක්වමින් රුසියාව මෙම මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ වර්ෂ 2015 දීය. මෙය ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුමක් ලෙස රුසියාව පෙන්වා දුන්නේය.

1_Rusiia



Recommended Articles