සිරියාවේ ඩමස්කස් අගනුවරට නැගෙනහිරින් ගොවුටා පළාතේ බලය අත්පත් කරගැනීම සඳහා සිරියානු රජයේ හමුදා දියත් කර ඇති දැවැන්ත මෙහෙයුම හමුවේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට රජයේ හමුදා එහි 10%ක පමණ ප්‍රදේශයක් සම්පූර්ණයෙන් තම අණසකට නතු කරගෙන ඇති අතර, සියලු යුද ශක්තීන් යොදමින් ඉදිරි පෙළ කිහිපයකින් හමුදා ප්‍රහාර දියත් කරමින් සිටින බවද සඳහන් වෙයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායම් කිහිපයක් අද (04දා) දිනයේදී ප්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී ඇත.
මෙම පළාත තුළ ලක්ෂ හතරකට ආසන්න සාමාන්‍ය වැසියන් පිරිසක් කොටුවී සිටින බව එක්සත් ජාතීන් පවසයි.