සිරියාවේ කුර්දි ඉලක්ක වෙත තුර්කි ප්‍රහාර වැඩිවේ


සිරියාවේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කරමින් තුර්කිය විසින් එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරය සිරියාවේ, ජරාබ්ලූස් නගරය ආසන්නයට එල්ල වී ඇති අතර, තුර්කි ෂෙල් ප්‍රහාර හා ගුවන් ප්‍රහාර හේතුවෙන් කුර්දි සටන්කාමීන් ඝාතනය වී ඇති බවද තුර්කිය කියයි.

කෙසේ වෙතත්, නිරීක්ෂණ ආයතන පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාර හේතුවෙන් කුර්දි සටන්කාමීන් හතර දෙනෙකු හා සාමාන්‍ය වැසියන් 35 දෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීම් දෙක එකම සිදුවීමක්ද යන්න තවම පැහැදිලි නොමැති බවද විදෙස් වාර්තා පවසයි.

සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් හා කුර්දි සටන්කාමීන් ඉලක්ක කරමින් තුර්කි ප්‍රහාර මාලාව ආරම්භ වී දින පහක ්ගත වී ඇති අතර, ඔවුන් මේ වනවිට සිය ප්‍රහාරක ශක්තිය දෙගුණ කර ඇති බවද කියැවෙයි.

තුර්කිය වෙත වරින් වර එල්ල වන ත්‍රස්ත ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස ඔවුන් මෙම මෙහෙයුම් අරඹා තිබේ.



Recommended Articles