සිරියාවේ අහ්රාර් අල්-ෂාම් ඉස්ලාමීය සටන්කරුවන්ගේ නායක හස්සන් අබ්බවුඩ් සහ එම සංවිධානයේ තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු රැස්වීමක් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
වයඹදිග සිරියානු නගරයක් වූ රාම් හාම්දාන් නගරයේ පැවති රැස්වීම වෙත පැමිණි අයෙකු විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් මෙම ඝාතනයන් සිදුව ඇතිබව වාර්තා වෙයි.
සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය කැරලි කණ්ඩායම් හතක එකතුවක් ලෙස සැලකෙන ඉස්ලමික් ෆ්‍රන්ට් හි කොටසක් ලෙස අහ්රාර් අල්-ෂාම් සංවිධානය සැලකෙයි.
පසුගිය පෙබරවාරි මාසයේදී මෙම සටන්කරුවන් විසින් ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට චෝදනා කර සිටියේ ඔවුන් තම සංවිධානයේ පිරිස් වෙත ප්‍රහාර එල්ල කරමින් ඔවුන් ඝාතනය කරන බවයි.
කෙසේ වෙතත්, මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 40කට පමණ අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වුවත්, නිවැරදි මරණ සංඛ්‍යාව තවමත් වාර්තා නොවෙයි.