සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ප්‍රබල ප්‍රහාරයක්


ගෝලාන් කඳුකරය වෙත ඉරානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස සිරියාවේ ඇති ඉරාන යටිතල පහසුකම් සියල්ලම පාහේ පහරදී විනාශ කළ බව ඊශ්‍රායලය පවසයි.

ඉරාන හමුදා විසින් ගෝලාන් කඳුකරයේ වූ තම ඉලක්ක වෙත රොකට් ප්‍රහාර 20ක් පමණ එල්ල වූ බව පවසන ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර ලෙස සිරියාවේ ක්‍රියාත්මක ඉරාන ආයුද ගබඩා, මෙහෙයුම් මැදිරි මෙන්ම බුද්ධි තොරතුරු මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය කියයි.

කෙසේ වෙතත්, සිරියාවේ බෂර් අල්-අසාද් හමුදාවට සහාය දැක්වීම සඳහා සිරියාවට හමුදා යවා ඇති ඉරානය මේ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

කෙසේ වෙතත්, තහවුරු නොකළ වාර්තා පවසන්නේ ඊශ්‍රායලයේ ඇතැම් ප්‍රහාර ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ අංශ, රේඩාර් පද්ධති මෙන්ම ආයුද ගබඩා වෙත එල්ල වී ඇති බවයි.

ඊශ්‍රායලය තම පරම සතුරන් ලෙස සලකන සිරියාව තුළ කිසිදු ආකාරයක හමුදා ආරක්ෂා සලසා ගැනීමට ඉඩ නොතබන බව සපථ කරමින් මෙම පහරදීම් සිදුකරන බව කියැවෙයි. 

1_Isryel 0 1_Isryel 3



Recommended Articles