තුර්කියේ සහාය ලබන භට කණ්ඩායම් විසින් සිරියානු-කුර්දි නගරයක් වන අෆ්‍රින් නගරයේ සම්පූර්ණ බලය සියතට ගත් බව තුර්කි ජනපති පවසයි.
නිදහස් සිරියාවක් වෙනුවෙන් හමුදාව ඊයේ උදෑසන අෆ්‍රින් නගරයේ බලය අත්පත් කරගත්තා රිසෙප් තයීප් එර්ඩෝගාන් පවසා සිටියේය.
තුර්කි දේශසීමාවට ආසන්න අෆ්‍රින් නගරයේ බලය අත්පත් කරගැනීම සඳහා තුර්කි මෙහෙයුම් මීට මාස දෙකකට පෙර ඇරඹුණු අතර, මෙම නගරයේ වූ කුර්දි හමුදාව ත්‍රස්තවාදීන් ලෙස තුර්කිය හඳුන්වති.
නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන් 150,000ක් පමණ පළාගොස් තිබේ.
මේ අතර, නගරයේ පවතින බිම්බෝම්බ ඉවත් කරමින් එහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙන බව තුර්කි නායකයා මෙන්ම, හමුදා පවසා සිටියි.