සිරියාවෙන් ඉවත් වුවත් ගුවන් ප්‍රහාර දිගටම


සිරියාවෙන් තම හමුදා ඉවත් කරගැනීමක් ප්‍රකාශයට පත්කළත් දිගින් දිගටම සිරියාවේ හඳුනාගත් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව රුසියාව කියයි.

රුසියාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නිකෝලෙයි පැන්කොව් පවසා තිබුණේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමුවා යැයි පැවසීමට තවමත් කල් වැඩි බවය.

කෙසේ වෙතත්, තම හමුදා වහාම සිරියාවෙන් ඉවත්කෙරෙන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පුදුමය දනවන පුවතක් ඊයේ උදෑසන පවසා සිටි අතර, මේ වනවිට සිරියාවේ පැවති ඇතැම් ප්‍රහාරක යානා රුසියාව වෙත ගමන් කර ඇති බවද කියවුණි.

කෙසේ වෙතත්, සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ඉලක්ක වෙත රුසියාව දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් පසුගිය කාලය පුරා එල්ල කර තිබුණු අතර, එය අසාද් පාලනයට සහාය දැක්වීමේ ප්‍රහාර මාලාවක් ලෙස බටහිර හැඳින්වීය.



Recommended Articles