සිරියාවම ආවරණය පරිදි සටන් විරාමයක් - පූටීන්


සිරියානු රජයේ හමුදා හා කැරලිකාර කණ්ඩායම් අතර ඊයේ (29දා) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා ක්‍රියත්මක වන පරිදි සටන් විරාමයක් ආරම්භ කිරීමට සියලු පාර්ශ්ව එකඟත්වයකට පැමිණ තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් මෙම එකඟතාව ප්‍රකාශයට පත්කළ අතර, තුර්කි විදේශ අමාත්‍යවරයාද එය සහතික කර ඇත.

රුසියාව හා තුර්කිය මෙම දෙපාර්ශ්වයේ මැදහත්කරුවන් ලෙස ක්‍රියා කරමින්, සටන් විරාමයේ ඇපකරුවන් ලෙස ක්‍රියා කරයි.

තුර්කිය පවසන්නේ ගුවන් ප්‍රහාර ඇතුළු සියලු ආකාර පහරදීම් මෙම සටන් විරාමය සමග නවතින බවයි කෙසේ වෙතත්, ISඉස්ලාම් රාජ්‍ය හා නුස්රා පෙරමුණ ඇතුළු ජිහාඩ් සටන්කාමීන් පිළිබඳ වගකීමක් ගත නොහැකි බවත්, ඔවුන් මෙම ගිවිසුමේ පාර්ශ්වයන් නොවන බවත් තුර්කිය පවසයි.



Recommended Articles