සිරියාව වෙත ගමන් කිරීමට සූදානම් වූ ජපන් ජාතික මාධ්‍යවේදියෙකුගේ ගුවන් ගමන් බලපත්‍රය ජපාන බලධාරීන් විසින් අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යූචි සුජිමෝටෝ නමැති මාධ්‍යවේදියාගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ අත්හිටවූ බව බලධාරීන් පවසයි.
59 හැවිරිදි ඡායාරූප මාධ්‍යවේදියෙකු වන යූචි ලබන 27 වැනිදා සිරියාව වෙත ඇතුළු වීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත් ජපන් රජයේ මෙම ක්‍රියාව මාධ්‍ය නිදහසට බලවත් පහරක් බව ඔහු පවසයි.
පසුගිය ජනවාරි මාසයේදී ඉස්ලාමීය රාජ්‍යයේ අන්තවාදීන් අතින් ජපන් ජාතිකයන් දෙදෙනෙකු ඝාතනය වූ අතර, ඉන් අයෙකු මාධ්‍යවේදියෙකි.