සිරියානු සටන්කාමී හමුදාවද ISIS ට එරෙහිව කොබානේ වෙත පැමිණේ


සිරියාවේ උතුරුදිග දේශසීමා ආසන්න කොබානේ නගරය ISIS ඉස්ලාමිය අන්තවාදීන්ගෙන් බේරාගැනීමේ සටනට සහාය වීම සඳහා සිරියානු ආරබි සටන්කාමීන් පිරිසක් ඒ වෙත පැමිණ ඇති බව බී.බී.සී.ය පවසයි.

ඒ අනුව, සිරියානු නිදහස් සටනේ හමුදා සාමජිකයන් 200ක් පමණ කොබානේ වෙත පැමිණ ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි සටනට පිවිස ඇති බව වාර්තා වෙයි.

මුලින් මෙම පුවත වාර්තා වූයේ කුර්දි සටන්කරුවන් පිරිසක් තුර්කිය හරහා කොබානේ වෙත පැමිණෙන බවය.

සිරියානු කුර්දිවරු සති හයක් පමණ තිස්සේ කොබානේ ආරක්ෂා කරගැනීමට දැවැන්ත සටනක නිරත වන අතර, මේ සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවේ ගුවන් සහායද ඔවුන් වෙත ලැබී තිබේ.

ඇමෙරිකාව පවසා සිටියේ ඊයේ දිනයේදී ඔවුන් අන්තවාදීන් ඉලක්ක කර ගුවන්ප්‍රහාර 8ක් එල්ල කර බවයි. ඉන් ඔවුන්ගේ ප්‍රහාරක ඉලක්ක හා වාහන රැසක් විනාශ වූ බව ඇමෙරිකාව පවසයි.

 

 



Recommended Articles