සිරියානු සටන් විරාමයකට ට්‍රම්ප් හා පූටින් එකඟවෙති


සිරියාව තුළ සටන් විරාමයක් ඇති කිරීම සඳහා බලකරනු වස් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර දුරකථන සංවාදයක් ඇතිවී තිබේ.

ඇමෙරිකාව සිරියාව වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර මාසයකින් පසුව මෙම දෙපාර්ශ්වය දුරකථන සංවාදයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

ධවල මන්දිරය මෙන්ම ක්‍රේමිලීනයද පවසන්නේ නායක දෙපළ අතර ඵලදායී සාකච්ඡාවක් සිදුවූ බවයි.

මීට අමතරව, උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන්ද නායක දෙපළ සාකච්ඡා පවත්වා ඇති අතර, ඉදිරියේදී මුහුණට මුහුණ හමුවී තවදුරටත් සාකච්ඡා කිරීමට ඔවුහු එකඟත්වයකටද පැමිණ තිබුණි.



Recommended Articles