සිරියානු තෙල් බවුසර් පෙළකට ඉරාකයෙන් ගුවන් ප්‍රහාරයක්


ඉරාකයට ආසන්න සිරියානු දේශසීමාවේ ගමන් කරමින් තිබූ ඉන්ධන පුරවාගත් තෙල් බවුසර පෙළකට ඉරාක ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ප්‍රහාරයක් එල්ල කොට විනාශ කර දමා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

ඉරාකයේ අන්බර් පළාතේ සිටින ජිහාඩ් සටන්කාමීන් වෙත මෙම තෙල් රැගෙන එමින් පැවති බවට බුද්ධි තොරතුරු ලැබුණු බව ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාශය පවසයි.

කෙසේ වෙතත් ඉරාකය විසින් සිරියාව තුළ මෙවැනි ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශයට පත් කළ ප්‍රථම අවස්ථාව මෙය විමද විශේෂත්වයකි.

අල් කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමීන් ඉරාකය තුළ මෙන්ම සිරියාව තුළද ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

අන්බර් පළාත මෑතකාලයේදී සිරියාවේ ඇලෙප්පෝ නගරය වෙත ආරක්ෂිතව ගමන් කළ හැකි මාවතක් වී තිබුණු බව කියැවෙයි.



Recommended Articles