සිරියානු ගුවන් ආරක්ෂණ බලකායේ ප්‍රධානියා මරා දැමෙයි


සිරියානු ගුවන් ආරක්ෂණ බලකායේ ප්‍රධානියා ඩමස්කස් ගැටුම්වලදී ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ජෙනරාල් හුස්සෙයින් ඉෂාක් ඩමස්කස් නුවර ගුවන් ආරක්ෂණ මූලස්ථානයේ සිටියදී කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා ඇති බවත්, ඉන් අනතුරුව ඒ හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් කියැවෙයි.

සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නායකයෙකු ලෙස ජෙනරාල් හුසේසයින් සැලකෙයි.

මීට වසර තුනකට පමණ පෙර ආරම්භ වූ සිරියානු කැරැල්ල තුළින් සටන්කාමීන් බලාපොරොත්තු වන්නෙ බෂර් අල් අසාද්ගේ පාලනය පෙරලා දැමීමය.

මෙවැනි දැවැන්ත අර්බුදයක් හා සිවිල් යුද්ධයක් රට තුළ පැවතියත් බෂර් අල් අසාද් ලබන මාසයේදී ඔහුගේ යටතේ පාලනය වන ප්‍රදේශ තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම් වෙයි.



Recommended Articles