සිරියානු කුර්දි සටන්කාමීන්ගේ සහායට ඉරාක කුර්දීන් වෙත තුර්කි දේශසීමා ඇරේ


ඉරාක කුර්දි සටන්කාමීන්ට සිරියානු දේශසීමාව පනිමින් කොබානේ වෙත ගොස් ISIS ​ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා තුර්කිය සිය දේශසීමා විවෘත කරමින්, තමන්ගේ ප්‍රතිපත්ති ලිහිල් කර ඇති බව වාර්තා වෙයි.

තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලට් කැව්යුසොග්ලු මෙය නිල වශයෙන් පවසා තිබේ.

සිරියානු කුර්දි සටන්කාමීන් හා ISIS ඉස්ලාමීය අන්තවාදීන් සමග සති කිහිපයක සිට කොබානේ දැවැන්ත සටන් ඇවිලෙන අතර, ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ ගුවන් ප්‍රහාර සහාය ඇතිව තරමක් දුරට ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාර පාලනය කරගැනීමට කුර්දි සටන්කරුවන් සමත්ව සිටී.

කෙසේ වෙතත්, මෙම නිවේදනය වාර්තා වූයේ ඇමෙරිකානු ගුවන් යානා මගින් සිරියානු කුර්දි සටන්කාමීන් වෙත ගුවනින් අවිආයුධ හා ඖෂධ හෙලීමත් සමගිනි.

මීට අමතරව, ඒකාබද්ධ හමුදාවන්ගේ දිනයේ ප්‍රථම ගුවන් ප්‍රහාරයද නගරයේ නිරිතදිග අන්තවාදී ඉලක්කයක් වෙත සිදුකර තිබුණි.



Recommended Articles