සියෙරා ලියෝන් හි යළිත් එබෝලා හිස එසවීමක්


සියෙරා ලියෝන් රාජ්‍යයේ පසුගියදා මියගිය 67 හැවිරිදි කාන්තාව එබෝලා වෛරසයට ගොදුරු වූවෙකු බව තහවුරු වීමත් සමග පුද්ගලයන් 1,000ක් පමණ නිරෝධායන ක්‍රියාවලයට යොමුකර තිබේ.

සියෙරා ලියෝන් රාජ්‍ය එබෝලා වෛරසයෙන් නිදහස් රාජ්‍යයක් බව ප්‍රකාශ කර සති හයක් ගතවීමට ආසන්නව මෙසේ රෝගයේ අලුත්ම මතුවීමක් පෙන්නුම් කර ඇත.

සියෙරා ලියෝන්, ගිනියා සහ ලයිබීරියා යන රටවල පැතිරුණු එබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයන් 11,000ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛව ලෝක ප්‍රජාවගේ බලවත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස එම රටවලින් එබෝලා තුරන් කිරීමට ක්‍රියා කළේය.

ඒ අනුව, යමින් යළිත් සියෙරා ලියෝන් හි මියගිය කාන්තාව සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් එන්නත් කිරීමේ වැඩපිළිවෙළක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කරමින් සිටියි.



Recommended Articles