ඉබෝලා ආසාධිතයන්ගේ සංඛ්‍යාව සියෙරා ලියොන් රාජ්‍යයේ වඩාත් භයානක ලෙස වැඩි වෙමින් පවතින බව වාර්තා වෙයි.
එරට ග්‍රාමීය ප්‍රදේශවල ඉබෝලා පැතිරීම මීට මාස දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා නව ගුණයකින් පමණ වැඩි බවද කියැවෙයි.
කෙසේ වෙතත් මීට පෙර ඉබෝලා පැතිරීම වේගවත්ව පැවති ලයිබීරියාව තුළ එය පැතිරීම තරමක් පාලනය වී ඇති බවද වාර්තා වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා ආසාධිතයන්ගේ සංඛ්‍යාව පහළ යමින් පවතින බව කියද්දී, AGI නමැති ජාත්‍යන්තර සංවිධානය විසින් මෙම අනාවරණය කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ එරට ග්‍රාමීය ප්‍රදේශවල තත්ත්වය අතිශයින්ම භයානක බවයි. එමෙන්ම, එරට නගරාශ්‍රිතවද වෛරසය පැතිරීම වේගවත්ව ඇති බව ඔවුන් කියයි. එම අගයද පසුගිය මාස දෙකක කාලයේ සිදුකළ නිරීක්ෂණයට වඩා දෙගුණයකින් වැඩි බව කියයි.