ඉබෝලා පාලනය කිරීම වෙනුවෙන් දින 3ක් හදිසි නීතිය පනවමින් සියෙරා ලියෝන් රාජ්‍යයේ සිදුකළ මෙහෙයුම සාර්ථක බව එරට බලධාරීහු පවසති.
දින තුනක් පැවති හදිසි නීතිය ඉරිදා රාත්‍රියේ අවසන් වූ අතර, එය තවදුරටත් දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව ඔවුහු වැඩිදුරටත් පවසති.
ඉබෝලා වෛරසය පැතිරුණු බටහිර අප්‍රිකානු රාජ්‍යයන් අතර වඩාත් දරුණු තත්ත්වයක් පැවති රටක් ලෙස සියෙරා ලියෝන් සැලකෙන අතර, ඉබෝලා හේතුවෙන් මියගිය පුද්ගලයන් 2,600 අතරින් ජීවිත 550ක් එරට වැසියෝ වූහ.