සියෙරා ලියෝන්හි ඉබෝලා පිටුදැකීමේ සිව් දින මෙහෙයුමක්


ඉබෝලා වෛරසයෙන් බලවත් පීඩාවට පත් බටහිර අප්‍රිකානු රටක් වන සියෙරා ලියෝන් රාජ්‍යය රෝගය පාලනය කිරීම සඳහා දින හතරක දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පැවසෙයි.

ඒ අනුව, එළැඹෙන සැප්තැම්බර් 18 සිට 21 දක්වා එරට ජනතාවට තම නිවාසවලින් පිටතට පැමිණීම තහනම් කර ඇති බව රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

මේ තත්ත්වය තුළ රෝගය වැළඳී හුදකලාව සිටින පුද්ගලයන් හඳුනාගෙන වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා පියවර ගැනීමට එරට සෞඛ්‍ය බලධාරීන්ට අවස්ථාව හිමිවන බව පැවසෙයි.

ඉබෝලා වෛරසය පැතිරීම හේතුවෙන් මේ දක්වා බටහිර අප්‍රිකානු රටවල් වන සියෙරා ලියෝන්, ලයිබීරියා, ගිනියා සහ නයිජීරියා යන රටවල් පුද්ගල ජීවිත 2,100ක් අහිමි වී තිබේ.

 

 

 



Recommended Articles