සිම්බාබ්වේ චීන පොලීසියට රට තුළින්ම විරෝධයක් එයි


සිම්බාබ්වේ පොලීසිය සඳහා චීන ජාතිකයන් අට දෙනෙකු අනුයුක්තව සේවය කිරීම ජනතාවගේ විරෝධය හේතුවෙන් අත්හිටුවීමට එරට පොලීසිය කටයුතු කර තිබේ.

සිම්බාබ්වේ අගනගරයේදී පසුගිය සඳුදා අධිකාරීලත් මෙම පොලිස් නිලධාරීන් විශේෂ අවස්ථාවල පමණක් සේවයේ යොදවන පොලිස් නිලධාරීන් ලෙස සේවය බඳවාගෙන තිබුණි.

කෙසේ වෙතත්, මෙම තීරණය කෙරෙහි සිම්බාබ්වේ ජනතාව අතර දැඩි විරෝධයක් ඇතිව තිබුණි.

විශේෂයෙන්ම, ආරක්ෂක හේතූන් මත පොලිස් නිලධාරීන්ට විදේශිකයන් සමග විවාහ වීම පවා තහනම් කර තිබූ වටපිටාවක මෙවැනි තීරණයක් විවේචනයට ලක්වීම සාමාන්‍ය බව බොහෝ දෙනා පවසති.

එමෙන්ම, ද්විත්ව පුරවැසිභාවය හිමි සිම්බාබ්වේ ජාතිකයන්ට පවා එරට පොලිස් සේවය තහනම් වෙයි.

මෙම ක්‍රියාවලිය දැනට සිම්බාබ්වේ පොලිස් සේවයේ නිරත පිරිස නිග්‍රහයකට ලක්කිරීමක් බව එරට ක්‍රියාධරයන් පවසා තිබුණි.

1_China Police

 



Recommended Articles