ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ඉරිදා ගංගාවකට කඩා වැටුණු දියමත ගොඩබෑම සිදුකරන ගුවන් යානයේ සුන්බුන් බොහෝ ප්‍රමාණයක් ගොඩගෙන තිබේ.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රිචඩ් කොසින්ස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සව්දෙනෙකු මෙන්ම, කැනඩා ජාතික ගුවන් නියමුවෙකු මෙම අනතුරින් ගුවන් යානය සමග ගංගාවට වැටී ජීවිතක්ෂයට පත්විය.
මීටර් 13ක් පමණ ගැඹුරෙහි සිරවී තිබූ යානය ගොඩබෑම සඳහා දින කිහිපයක් පුරා කිමිදුම්කරුවන් යොදා සිදුකළ මෙහෙයුමකින් පසුව යානයේ විශාල කොටසක් දොඹකර ආධාරයෙන් ගොඩගෙන ඇත.
මෙම ගුවන් යානා අනතුර පිළිබඳ සිදුකරන පරීක්ෂණවලදී අනාවරණය වි තිබුණේ වර්ෂ 1996 දී මෙම යානයම අනතුරට ලක්ව එහි නියමුවා මියගොස් ඇති බවයි.