ස්වීඩන මුහුදු කලාපයේ ගැවසුනේ යැයි කියන සැක කටයුතු සබ්මැරීනයක් සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පස් වැනි දිනටත් සෝදිසි මෙහෙයුම්වල නිරත වූ බව වාර්තා වෙයි.
එරට ඉන්ගාරෝ බෝක්ක ආශ්‍රිතව සබ්මැරීන් පිළිබඳ සංඥා හසුකර ගැනීමට හැකි යුද නෞකා පහක් පමණ යොදා ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම සිදුකරන බව කියැවෙයි.
මේ අතර, එක් ස්වීඩන පුවත්පතක් පවසා තිබුනේ එම යාත්‍රාවකට සැකකටයුතු තොරතුරුක් ලැබී තිබුණත්, ඒ සම්බන්ධයෙන් නිල තොරතුරුක් තවම ප්‍රසිද්ධ වී නොමැති බවයි.
මේ අතර, අදාල සබ්මැරීනය රුසියාවට අයත් එකක් බවට ස්වීඩනය මුලින් චෝදනා කළද, රුසියාව අවධාරණය කරන්නේ එම චෝදනා සත්‍යයෙන් තොර බවයි.
රුසියානු තෙල් නෞකාවක් ඒ ආශ්‍රිත ජාත්‍යන්තර මුහුදේ ගමන් කිරීමෙන් මෙම සැකය වඩාත් තහවුරු වී ඇති අතර, එය සබ්මැරීනයට ඉන්ධන සැපයීම සඳහා පැමිණ ඇති බවටද විශ්වාසයක් පැවතුණි.