ස්විට්සර්ලන්තයේ, ෂාෆ්හවුසන් නගරයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම පහරදීමෙන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති අතර සියලු තුවාලකරුවන් රෝහල්ගත කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මෙම පහරදීම සිදුකළ පුද්ගලයා සොයා පොලීසිය සෝදිසි මෙහෙයුම් අරඹා ඇති අතර, ජර්මානු දේශසීමා ආසන්නයේ පවතින එම නගරයේ කොටසක් වසා දැමීමටද කටයුතු කර තිබේ.
දම්වැල් කියතක් අතින්ගත් පුද්ගලයෙකු නගරයේ ඇවිදයන අයුරු දුටු බව වෙළෙඳ සැල් හිමියෙකු එරට මාධ්‍යට පවසා තිබුණත්, එය පොලීසිය තහවුරු කර නොතිබුණි.
මෙම ප්‍රහාරය මූලධර්මවාදී ක්‍රියාවක්ද, එසේ නොමැති නම් වෙනයම් ආරවුලක්ද යන්න පැහැදිලි නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.