ස්වාධීන රාජ්‍යයක් වීමේ ස්කොට්ලන්ත ජනමත විචාරණය කරට කර


ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් ලෙස ක්‍රියාකරන්නේද යන්න විමසා බැලෙන ජනමත විචාරණය කරට කර පැවැත්වෙන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජනමත විචාරණයේ සමස්ත ප්‍රතිඵල නිකුත් වීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන බව කියැවෙයි.

ස්කොට්ලන්තය මහා බ්‍රිතානයෙන් වෙන්විය යුතුය යන්න පවසන පිරිස ඉදිරියට පැමිණෙනු ඇති බව පැවසුණත්, ඊට විරුද්ධ පිරිස් පවසන්නේ ඔවුන් ජයග්‍රහණය කරන බවය.

මේ අතර, මහා බ්‍රිතාන්‍යයේ චාන්සලර් ජෝර්ජ් ඔස්බෝර්න් පවසා සිටින්නේ ඉදිරි දින කිහිපය තුළ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව වෙත වැඩිපුර බලතල ලබාදීමේ සැලසුමක් පවතින බවයි.

නමුත්, ස්කොට්ලන්ත ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මන්ඩ් පවසන්නේ දහස් ගණනක් ජනතාව ජනමත විචාරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කොට ඇති වාතාවරණයක එය අල්ලස් ලබාදීමක් බවයි.

 

 



Recommended Articles