ස්මැප් ලබාදුන්නත් ලයිබීරියානු වෛද්‍යවරයාත් මෙළොව හැර යයි


පර්යේෂණ මට්ටමේ පවතින ඉබෝලා ඖෂධය ලබාදුන්නද, එම වෛරසය ශරීරගත වූ ලයිබීරියානු ජාතික වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට තොරතුරු අමාත්‍යවරයා පවසයි.

ඒබ්‍රහම් බොර්බෝර් නමැති ලයිබීරියානු වෛද්‍යවරයා ස්මැප් ඖෂධය ලබාදුන් වෛද්‍යවරු තිදෙනාගෙන් කෙනෙකු වන අතර, ඔහු මුලින් සුව අතට හැරීමක් පෙන්නුම් කළද ජීවිතක්ෂයට පත්වූ බව වැඩිදුරටත් පැවසෙයි.

කෙසේ වෙතත්, මෙම ස්මැප් ඖෂධය ලබාදුන් රෝගීන් කිහිප දෙනෙකු සුව අතට හැරුණු අතර, ඇමෙරිකානු ජාතික වෛද්‍යවරයෙකු හා හෙදියකද ඒ අතර වෙති.

ඉබෝලා හේතුවෙන් මේ වනවිට මිනිස් ජීවිත 1,400ක් අහිමි වී ඇති අතර, බටහිර අප්‍රිකාවේ ගිනියාව, ලයිබීරියාව, නයිජීරියාව සහ සියෙරා ලියෝන් යන රාජ්‍යයන් ඊට සෘජුවම ගොදුරු වී සිටී.



Recommended Articles